දුම්රිය ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන විසිනුයි අදාළ යෝජනාව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කර ඇත්තේ.
ඒ අනුව මගී ජනතාවට සහනයක් වන අයුරින් බස් ගාස්තුවෙන් අඩක් වන ලෙසට දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඉන්ධන ගාස්තු ඉහළයාමත් සමඟ මෙලෙස දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගත් බවයි අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ

