සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට සහ අනිද්දා යන දිනයන්වල දී සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කරන බව වාර්තා වනවා.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පරිපූරක සෞඛ්‍ය වෘත්තීය සමිති 8ක් මෙම වැඩවර්ජනයට එක් වීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.