මගියා ගැන නොහිතා බස් ගාස්තු උස්සයි. අවමය රු.40යි

ජූලි මස 1 වන දා සිට බස් ගාස්තුව 30%කින් ඉහළ දැමීමට බස් රථ හිමියන් ජාතික ගමනාගමන කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
ජාතික ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පවසන්නේ, ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට ඉල්ලා ඇති බව ය.
ජාතික ගමනාගමන කොමිසම එම ඉල්ලීම පිළිබඳව සලකා හෙට (29) දිනයේදී ඊට අනුමැතිය ලබාදීමට නියමිත බව ද ඔහු පවසයි.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ බස් සංගම් නිලධාරීන් අතර අද (28) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී එම ඉල්ලීම කර තිබේ.

