අමාත්‍යාංශ කාර්යාලයක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ගලවයි

සංචාරක අමාත්‍යාංශයේ කාර්යාලය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් (WTC) ඉවත් කරගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව රටේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන රාජ්‍ය වියදම් අවම කර ගැනීමේ අරමුණින් එය රජයේ ගොඩනැගිල්ලක් වෙත ගෙන යාමට කටයුතු කර ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ අදාළ අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වන හරීන් ප්‍රනාන්දුගේ තීරණයකට අනුවයි.
කෙසේ නමුත් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය මෙම අමාත්‍යාංශ කාර්යාලයේ මාසික කුලිය වශයෙන් රුපියල් මිලියන 1.8ක මුදලක් ගෙවා ඇති අතර අදාළ තීරණයෙන් අනතුරුව සංචාරක අමාත්‍යංශ කාර්යාලය කොළඹ පැරණි හෝටල් පාසල වෙත ගෙන යාමට කටයුතු කෙරේ.

