රජයේ කාර්යාලවල සේවාවන් තවත් සීමා කෙරේ

රජයේ කාර්යාලවල සේවාවන් තවත් සීමා කෙරේ

පවතින තත්ත්වය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් (ඉඩම් සහ උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපත්) එහි සියලුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් කාර්යාල හරහා සඳුදා සහ බදාදා පෙ.ව. 8.30 සිට පස්වරු 4.30 දක්වා සීමා කෙරෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් ලබාදී තිබෙනවා. ඒ අනුව 2022 ජුලි 29 වනදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර ඇත්තේ.

තවද ජුලි 10 වනදා දක්වා සෑම සතියකම අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හිදී පමණක් සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.