වෝර්න් – මුරලි කුසලාන පළමු ටෙස්ට් තරඟය අද

වෝර්න් – මුරලි කුසලාන පළමු ටෙස්ට් තරඟය අද

ෂේන් වෝර්න්, මුත්තයියා මුරලිදරන් (වෝර්න් – මුරලි) කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු වැනි තරඟය අද (29) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත යි.

දෙරට අතර පැවති දීර්ඝ තරගාවලියක් නිමා කරමිනු යි අද මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නේ.

තරග තුනකින් සමන්විත විස්ස යි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළ ද අවසන් විස්ස යි විස්ස තරඟය ශ්‍රී ලංකාව ජය ගත්තේ, විස්මිත හා විශිෂ්ට අන්දමින්.

එහි දී නායක දසුන් ශානකගේ සුපිරි පිතිහරඹය වඩාත් කැපී පෙනුණා.

තරඟ පහකින් සමන්විත වුණු එක් දින තරගාවලිය තරඟ තුනට දෙකක් වශයෙන් ජය ගත්තේ ශ්‍රී ලංකාව යි.

එම තරගාවලිය නිමා වුණේ, ක්‍රිකට් වාර්තා කිහිපයක් ම අලුත් කරමින්.

දෙරට අතර පැවති අවසන් ටෙස්ට් තරඟ පහෙන් තරඟ තුනක් ම ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, ඔස්ට්‍රේලියාව තරඟ දෙකක් ජයග්‍රහණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව වගකීම දිමුත් කරුණාරත්න දරද්දී ඔස්ට්‍රේලියානු පිල මෙහෙයවන්නේ, පැට් කමින්ස් විසිනු යි.