බසයේ වහලය මත නැග පාසල් යන දරුවෝ – පාලකයෝ අන්තිමට හදලා දුන්න රට මේකද?

බසයේ වහලය මත නැග පාසල් යන දරුවෝ – පාලකයෝ අන්තිමට හදලා දුන්න රට මේකද?

ඉන්ධන අර්බුදය හේතුවෙන් පෞද්ගලික බස් රථ සීමා වීම නිසා බොහෝ ප්‍රදේශ වල මගීන් දැඩි අපහසුතාවය පත්ව තිබෙනවා. ඇතැම් පළාත්වල බස් රථවල පිටුපස මෙන්ම බස් රථවල වහලයේ මගීන් ගමන් ගාන්නා අයුරු දක්නට ලැබිණි.

අයගම සිට ඉඩම්ගොඩ දක්වා ධාවනය වූ බස් රථයක පාසල් සිසුන් විශාල පිරිසක් බසයේ වහළය මත නැගී ගමන්ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් තිබෙනවා.

මේ අතර දැඩි තදබදයක් පවතින බොහෝ නගර මේ වන විට පාළු ස්භාවයක් ගෙන තිබේ.

ඉන්ධනවලට සීමා පැනවීම සහ කාර්යල වේලාවන්,සේවා සීමා කිරීමත්,ඇතැම් පාසල්වලට නිවාඩු දීම නිසා මෙම තත්ත්වය පවතින බවයි වාර්තා වෙන්නේ.

ඡායාරූපය:- උපේන්ද්‍ර ජාතුංගම