මොරටුවේ වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

මොරටුවේ වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

මොරටුව කටුබැද්ද මංසන්ධිය ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

පොලීසිය පැවසුවේ අද දහවල් 1ට පමණ මෙම වෙඩි තබීම සිදුව ඇති බවයි.

පසුගිය සති කිහිපය ඇතුළත නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 18 දෙනෙක් පමණ මරණයට පත්වී තිබේ.

පොලීසිය පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇති ගැටුම් හේතුවෙන් එම වෙඩිතැබීම් සිදුකෙරෙන බවට සැකකරන බවයි.

COMMENTS