තවත් තරුණියක් මුහුදු රළට බිලිවෙයි

තවත් තරුණියක් මුහුදු රළට බිලිවෙයි

පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේදී මුහුදු රළ පාගමින් සිටි 30 හැවිරිදි කඩවත බියන්විල ප්‍රදේශයේ පදිංචි තරුණියක් රළ පහරට හසුවී මුහුදට ඇදී ගොස් දියේ ගිලී මියගොස් තිබේ.

ඇය තවත් පිරිසක් සමඟ උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයක් සඳහා පැමිණ හෝටලය පිටුපස මුහුදු තීරයේ රළ පාගමින් සිටියදී අධික රළ පහරට හසුවී අනතුර සිදුව ඇත.

මරණය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි