බැස්ටියන් මාවත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

බැස්ටියන් මාවත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

පසුගිය මැයි 30 වනදා පිටකොටුව බැස්ටියන් මාවතේ සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ අද (04) අලූයම 4ට පමණ පොලීසිය සමග ඇති වු වෙඩි හුවමාරුවක දී සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි අයෙකු වන අතර ඔහු ගණේමුල්ල සංජීව නම් සංවිධානාත්මක අපරාධකරුගේ ගේ ප්‍රධාන ගෝලයෙකු ද වේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහු යතුරුපැදියකින් පළාගොස් ඇති අතර, පොලීසිය විසින් යතුරුපැදිය ලූහුබැඳ ගොස් ඇත.

පසුව සැකකරු යතුරුපැදිය නවතා පොලීසියට වෙඩිතබා ඇති අතර එහිදී පොලීසිය එල්ල කළ වෙඩි පහරින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කලේ සැකකරු සතුව තිබී ටී 56 වර්ගයේ ගිණි අවියක්ද සොයාගෙන ඇති බවයි.