බස් රථයක් පෙරලී 16ක් මරුට

බස් රථයක් පෙරලී 16ක් මරුට

ඉන්දියාවේ පාසල් ළමයින් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (04) පෙරවරුවේ ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ ගුලු දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 40 කට ආසන්න පිරිසක් ගමන් කරමින් සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තුවාල ලැබූ අනෙක් පිරිස රෝහල් ගත කර ඇති අතර, ඉන් තුන්දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තාවන්නේ.

https://bit.ly/3afCygn