ශ්රී ලංකා ටෙස්ට් සංචිතයට නවක ක්රීඩකයන් තිදෙනෙක් කැඳවයි

ශ්රී ලංකා ටෙස්ට් සංචිතයට නවක ක්රීඩකයන් තිදෙනෙක් කැඳවා තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරන්නේ අදාළ නවක ක්රීඩකයන් තිදෙනා ඊයේ (04) සිට ශ්රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට කටයුතු කළ බවයි.
මෙම නවක ක්රීඩකයන් තිදෙනා වන්නේ මහීෂ් තීක්ෂණ, ලක්ෂිත මානසිංහ සහ දුනිත් වෙල්ලාලගේ යන ක්රීඩකයින්.
මේ අතර ලසිත් ඇඹුල්දෙණිය සංචිතයෙන් නිදහස් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

