හිරුණිකා අත්අඩංගුවට

හිරුණිකා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 9 දෙනෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අද (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී ඇති අතර එම අවස්ථාවේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත් වේ.

ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින අතර කොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.