අරගලයේ අවසන් දිනය එළැඹෙන 09 වැනිදා විය යුතුයි – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

රට රාජපක්ෂවරුන්ගෙන් මුදවා ගැනීම සඳහා සිදු කරන අරගලයන්ගේ අවසන් දිනය එළැඹෙන 09 වැනිදා විය යුතු බවත්, ඒ සඳහා සියලු පක්ෂ එකට එක්විය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම තනි තනි පක්ෂ ලෙස සිදු කළ නොහැකි බව අද (07) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළාය.
“මේ කරන සටන මම හැමදාම කියනවා වගේ සිදු කරන අවසන් සටන. රට රාජපක්ෂවරුන්ගෙන් මුදවා ගැනීමේ අවසන් දිනය ලෙස එය සනිටුහන්වෙයි. එදාට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා පාරට බහින්න ඕනි. මගේ පෞද්ගලික මතය නම් රටේ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම සඳහා සජබ, ජේවීපී, ටී.එන්.ඒ, පෙරටුගාමී යන සියලුදෙනාම මහා මිනිස් පවුරක් ලෙස ජනතාව ඉදිරියෙන් අත්වැල්බැඳගෙන එකට හිට ගන්න ඕනී. එතකොට කඳුලු ගෑස්, ජල ප්‍රහාර මුලින්ම කන්නේ ඉදිරියේ ඉන්න දේශපාලඥයෝ.
මේක තනි පක්ෂයකට තනියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. සජබයට තනියෙන් ජනාධිපතිව පළවා හරින්න බෑ. ජේ.වී.පී එකට තනියෙන් ජනාධිපතිව පළවා හරින්න බෑ. පෙරටුගාමී අයට තනියෙන් කරන්න බෑ. විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංලම් වලට තනියෙන් කරන්න බෑ. මේ සියලු දෙනා එකතුවුනොත් කරන්න පුලුවන්. ඉතින් 09 වැනිදා නම් අවසන් දවස වෙන්න ඕනිමේ සතියම සූදානම් වීම කරන්න ඕනී. ඊයේ අපි ජනාධිපතිවරයාගේගේ ඉදිරියට ගියා.
අද මම හිතන්නේ භික්ෂූන් වහන්සේලා බහිවා. හෙට මම හිතන්නේ විශ්ව විද්‍යාල තරුණ තරුණියන් එළියට බහිනවා. ඉතින්මේ සියල්ලේ අවසන්දිනය වෙන්න ඕනී 09 වැනිදා මෙයා ගෙදර යන එක.
කවුරුත් මෙතන එක දාගන්නවත්, අරගලයේ නායකයෙක් වෙන්නවත් අවශ්‍ය නෑ. කාටවත් මේ අරගලයේ ක්‍රෙඩිට් එක යා යුතුනෑ. අරගලයේ ක්‍රෙඩිට් එක මිනිස්සු තමයි ගන්න ඕනී. මේ වෙලාවේ පක්ෂ දේශපාලනය වැඩක් නෑ. අපේපොදු හතුරා කවුද කියලා හඳුනා ගන්න ඕනී. ඇති හැකි මිනිහාගේ ඉදන් නැතිබැරි මිනිහා දක්වා පාරේ රස්තියාදු වෙනවා.” යනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වා සිටියා.

