සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා ගැනීමට ලබා දුන් වරප්‍රසාදයත් අත්හිටුවයි

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා දීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශය සඳහන් කළේ, වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන ලබා දීම පැය 48ක කාලයක් සඳහා නවතා දැමීමට උපදෙස් ලැබී ඇති බව ය.
සෞඛ්‍ය සේවකයින්ට නැවත ඉන්ධන ලබා දීමේ දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇති බව එම අමාත්‍යංශය වැඩිදුරට ත් පැවසීය.

