දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයාට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂයක්

දකුණු අසියාවේ වේගවත්ම ධාවකයා බවට පත් වූ මෙරට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ගේ ඉදිරි කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.
වසරකට ඇමෙරිකානු ඩොලර් 50,000 බැගින් වසර දෙකක කාලයක් සඳහා මෙම මුදල ලබාදෙන බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

