පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ඉල්ලීමක්

වර්තමානයේ රට තුළ උද්ගතව පවතින ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවයන්ට පත්වී සිටින ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ ක්‍රමවේදය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලීමක් කරනවා.
එසේ අනුයුක්ත කිරීම අපහසු ගර්භණී නිලධාරිනියන් සඳහා රාජකාරි කටයුතුවලට බාධාවක් නොවන අයුරින් නිවසේ සිට මාර්ගගත ක්‍රමයට සිය රාජකාරි ඉටු කිරීමට අවස්ථාව සලසන ලෙසටයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලා සිටින්නේ.
මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ විසින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරමින්.
රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කිරීම මැයෙන් 2022.06.17 දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අංක 16/2022 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එම චක්‍රලේඛයේ 02 වැනි වගන්තියෙහි සඳහන් වන රාජ්‍ය නිලධරයන් පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීම යන්න ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා අනිවාර්යයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරන ලෙසටයි මන්ත්‍රීවරියන්ගේ සංසදය සිය ලිපිය මගින් ඉල්ලා ඇත්තේ.
තවද, පෞද්ගලික අංශය සඳහා මෙය අදාළ කර ගැනීමට පවතින හැකියාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කරන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ විසින් යොමු කරන ලද ලිපියේ සඳහන් වෙනවා.

