ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට වෙඩි ප්‍රහාරයක්

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේට වෙඩි ප්‍රහාරයක්

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ හට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වනවා.

නාරා නගරයේ දී ඔහු විසින් කතාවක් කරමින් සිටිය දී, පසුපසින් මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ලවූ බවටයි අනාවරණය වී ඇත්තේ.

අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඔහුට වෙඩි වැදුණු අවස්ථාවේ දී වෙඩි ශබ්ද දෙකක් ඇසුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් මේ වන විටත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා.

https://bit.ly/3NLAb2J