Update:- වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපාන හිටපු අගමැති ජීවිතක්ෂයට

Update:- වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපාන හිටපු අගමැති ජීවිතක්ෂයට

වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහුට අද උදෑසන මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ දේශපාලන රැස්වීමක් අමතා කතාවක් කරමින් සිටියදීයි.

ජපාන පුවත් සේවා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ජපාන හිටපු අගමැතිවරයාගේ අභාවය තහවුරු කර තිබෙනවා.

මියයන විට 67 වන වියෙහි පසුවූ ෂින්සෝ අබේ ජපානයේ දීර්ඝ කාලයක් අගමැති ධුරය හෙබවූ පුද්ගලයා ලෙසටයි සැලකෙන්නේ.

වසර 2012 සිට අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඔහු 2020 වසරේදී එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.

නාරා නගරයේ දී, හිටපු අගමැතිවරයාට පසුපසින් මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ලවූ බවටයි අනාවරණය වී ඇත්තේ.

අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුවූ අතර ඔහුට වෙඩි වැදුණු අවස්ථාවේ දී වෙඩි ශබ්ද දෙකක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 40 හැවිරිදි ජපන් ජාතිකයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

https://bit.ly/3aowJ0c

සබැඳි පුවත:- https://bit.ly/3yRdZQz