අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවෙයි (වීඩියෝ)

විරෝධතාකරුවෝ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඇති බව වාර්තා වනවා.
විරෝධතාකරුවන් දහස් ගණනින් කිංග්ස්බරි හෝටලය අසලට පැමිණ තිබෙන අතර යොදා තිබූ මාර්ග බාධක ගලවා ඉවත් කොට දමා තිබෙනවා.
තව ද පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශයෙන් ඉවත්ව යමින් සිටින බවත් වාර්තා වනවා.
ඒ අතර විරෝධතාකරුවන් වෙත නොනැවතී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වන අතර, විරෝධතාකරුවන් විසින් එම කඳුළු ගෑස් උණ්ඩ නැවතත් පොලීසිය හා ආරක්ෂක අංශ වෙත දමා ගැසීමට කටයුතු කරනවා.

