අරගලකරුවන්ගේ ප්‍රීති ඝෝෂා මැද හමුදාව ඉවත්ව ගිය හැටි (වීඩියෝ)

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට යොදා තිබූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව වාර්තා වනවා.
ඒ අනුව කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට යොදවා තිබූ හමුදා නිලධාරීන් පිරිසක් ඔවුන් කැඳවා යාමට පැමිණි බස් රථවලට ගොඩ වන අයුරු වාර්තා වුණා.
ඔවුන් පිටත්ව යන අවස්ථාවේදී විරෝධතාකරුවන් ප්‍රීති ඝෝෂා නගන අයුරුද දැක ගන්න ලැබුණා.
මේ අතර අරගලකරුවන් කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට ද ඇතුළත් වී තිබුණා.

