බන්දුල පොහොට්ටුවෙන් සහ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

බන්දුල පොහොට්ටුවෙන් සහ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරවලින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වීමට තීරණය කළ බව බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ඒ අනුව තමන් ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට තම ශක්ති ප්‍රමාණයෙන් දායක වීමට අපේක්ෂා කරන බව ය.

“සමස්ත ලාංකේය බහුතර ජනතාවගේ සහ ආගමික නායක උතුමන්ලාගේ අපේක්ෂාව බවට පත්ව ඇත්තේ සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම වන බැවින් මා මෙතෙක් දැරූ ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරවලින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් මේ පවත්නා ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට මාගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීමට අපේක්ෂා කරමි.” යනුවෙන් පැවසීය