මහින්ද අමරවීර සිය ධුරයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කෙරේ

මහින්ද අමරවීර සිය ධුරයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කෙරේ

ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට සැපයෙන යූරියා පොහොර තොගය නිල වශයෙන් රජයට භාරදීම අද (10) සිදුකෙරෙනවා.

එම කටයුතු පෙරවරු 10 ට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඊ.සී.ටී. දෙක පර්යන්තයේ දී සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි.

එලෙස ලැබෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාව ඊයේ (09) කොළඹ වරායට ළඟා වූ අතර, පොහොර ගොඩ බෑම ඊයේ දිනයේදීම සිදුකෙරුණා.

ඒ අනුව එම පොහොර තොගය රජයට භාරදීමෙන් අනතුරුව අද දිනයේදීම ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථාන 566 ක් මගින් ගොවීන් වෙත බෙදාහැරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සිය ධුරයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

අද (10) පෙරවරුවේදී අමාත්‍යවරයා විසින් මෙරටට ඊයේ (09) දින ළඟා වූ යූරියා පොහොර තොගය භාර ගැනීමෙන් අනතුරුව ඉල්ලා අස්වෙන බවයි වාර්තා වෙන්නේ.

COMMENTS