ධම්මික පෙරේරාත් පුටුව අතහරී

ධම්මික පෙරේරාත් පුටුව අතහරී

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පසුගිය දා පාර්ලිමේන්තුවට පැමිණ පසුගිය 22 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ධම්මික පෙරේරා මහතා එලෙස දිවුරුම් දුන්නේ ය.

අනතුරුව ඔහු ජූනි 24 වන දා පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

ඒ අනුව ඔහු දින 16ක් එම අමාත්‍ය ධූරයේ කටයුතු කළේ ය.

COMMENTS