ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඇමෙරිකාව අවධානයෙන්

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඇමෙරිකාව අවධානයෙන්

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් පවතින බව මෙරට ඇමරිකා තානාපතිනි ජුලි චන්ග් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ සැලකිය යුතු සිදුවීමක් වන බවත් සියලු පක්ෂ සහයෝගයෙන් සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් බලය පැවරීමට කටයුතු කළ යුතු බවත් ඇය අවධාරණය කර සිටී.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ගැටළුකාරී තත්ත්වයට දීර්ඝකාලීන විසඳුමක් කඩිනමින් සොයාගැනීම කළ යුතුව ඇති බවයි.

එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කළේ ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට මෙන්ම ජනතාව ඉල්ලා සිටින වෙනස්කම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ නායකයන් කටයුතු කරනු දැකීම සිය අපේක්ෂාව බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බවයි.