හෙට ජාතික ශෝක දිනයක්

ජපානයෙ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවසන් කටයුතු සිදුකරන හෙට දිනයේ ශ්‍රී ලංකාවේ ද ජාතික ශෝක දිනයක් බවට පත්කර ඇත .
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව හෙට දිනයේ සියලුම රජයේ ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ද රජය දැනුම්දෙයි.
තවද එදින රජයේ නිවාඩු දිනයක් නොවන බවද නිවේදනය කර සිටී.

