පැතුම්ට කොවිඩ් – ඒ වෙනුවට ඕෂධ තරඟයට කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ඔස්ට්‍රෙලියා – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදි නිස්සංකව වෛරසයට ගොදුරු වී ඇති බවයි.
මේ හේතුවෙන් ඔහුව ප්‍රතිකාර සඳහා නිරෝධාන ක්‍රියාවලියට යොමුකර තිබෙනවා.
කෙසේවෙතත් පැතුම් නිස්සංක වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දුව කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, ධනංජය ද සිල්වා තවමත් නිරෝධායනයේ පසුවනවා.
මීට පෙර ඇන්ජලෝ මැතිව්ස්ටද කොවිඩ් ආසාදනය වී තිබුණා.

