ලංකාව එකට එක කරයි

ලංකාව එකට එක කරයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.

ඒ, ඉනිමකින් සහ ලකුණු 39කිනි.

මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිල සියලුදෙනා දැවී ලකුණු 364ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිල පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ලකුණූ 554ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ දිනේශ් චන්දිමාල් නොදැවී ලකුණු 206ක් වාර්තා කිරීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු පිලට සියලුදෙනා රැස්කර ගත හැකි වූයේ ලකුණු 151ක් පමණී.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට තරඟ 1ට 1ක් ලෙස තරගාවලිය සම කිරීමට හැකි විය.

මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමිකර ගනු ලැබුවේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසිනි.