සේද මාවතේ මඟී නිෂ්කාශන කටයුතු නැවතෙයි

සේද මාවත (සිල්ක් රූට්) මඟී නිෂ්කාශන කටයුතුවලින් ඉවත් කිරීමට අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී තිබෙනවා.
රට තුළ උද්ගත ව ඇති අර්බුදකාරී තත්ත්වය සැළකිල්ලට ගනිමිනු යි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ක්‍රියාත්මක වන මෙම සේද මාවත මඟී නිෂ්කාශන කටයුතුවලින් ඉවත් වීමට තීරණ කර ඇත්තේ.
ඒ අනුව අද මධ්‍යාහ්න 12.00 සිට නැවත දැනුම් දෙන තුරු සේද මාවතේ මඟී නිෂ්කාශන කටයුතු නැවතෙනු ඇති.
ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරින්ගේ සංගමය මේ බව නිවේදනය කළා.

