අරලියගහ මන්දිරය තුළ ගැටුමක් – 8ක් රෝහලේ

කොළඹ කොටුව අරලියගහ මන්දිරය තුළදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් 8 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.
ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇති අතර ප්‍රතිකාර ලබා දෙදෙනෙක් ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
අද (12) අලුයම සිදුවූ එම ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් අතර කාන්තාවක් ද වන බව වාර්තා වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට පරීක්ෂන ආරම්භ කර තිබේ.

