ජනපති ගුවන් හමුදාපතිගේ පුද්ගලික නිවසේ නෑ, ගුවන් හමුදාවෙන් විශේෂ නිවේදනයක්

ජනපති ගුවන් හමුදාපතිගේ පුද්ගලික නිවසේ නෑ, ගුවන් හමුදාවෙන් විශේෂ නිවේදනයක්

ගෝඨාභය රාජපක්ෂ, ගුවන් හමුදාධිපති තුමාට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය හඬ පටය සාවද්‍ය බවට ගුවන් හමුදාව නිවේදනය කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

“මේ වන විට සමාජ මාධ්‍ය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනීකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති යැයි කියා ගන්නා හිටපු පොලිස් නිලධාරීවරයෙකු වූ අජිත් ධර්මපාල විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති හඩපටයෙහි කිසිඳු සත්‍යතාවක් නොමැති අතර මෙය ගුවන් හමුදාව සහ ගුවන් හමුදාධිපති තුමාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහාත් ගුවන් හමුදාව කෙරෙහි මහජනතාව තුළ වෛරය හා ක්‍රෝධය පැතිරවී‍මේ පටු අවස්ථාවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත් පළකරන ලද ප්‍රවෘතියක් බවත් ප්‍රකාශ කර සිටිමි.

COMMENTS