ගෝඨාභයගේ වීසා ඉල්ලීම ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි – ද හින්දු

ඇමෙරිකාවට පිටත්වීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලිමක් ඇමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව කොළඹ ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් ඉන්දියාවේ ද හින්දු පුවත්සේවය වාර්තා කරයි.
හෙට දිනයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත්විමත් සමගින විදෙස් ගත වීමට සූදානම් බවට තොරතුරුද ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
ඇමෙරිකානු පුරුවැසිභාවයද හිමිව තිබූ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනපතිවරණයට ඉදිරිපත් වීමට පෙරාතුව ඔහු එම පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කෙරණි.


