LPL අගෝස්තු 01 වනදා ඇරඹෙයි

LPL අගෝස්තු 01 වනදා ඇරඹෙයි

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) 2022 ක්‍රිකට් තරගාවලිය ලබන අගෝස්තු 01 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සඳහා ඉකුත් වසරේ ශූරයින් බවට පත්වූ ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයින් බවට පත්වූ ගෝල් ගැලැඩියේටර්ස් තරගවැදීමට නියමිතය.

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය යටතේ ක්‍රිකට් තරග 24ක් පැවැත්වෙන අතර එහි පළමු තරග 14 කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තරගාවලියේ අවසන් අදියර සූරියවැවදී පැවැත්වීමට නියමිතය.

COMMENTS