ජනපතිට ආරක්ෂිතව රටින් පිටවීමට නොලැබුණහොත් ඉල්ලා අස්වීම කල්යයි?

ජනපතිට ආරක්ෂිතව රටින් පිටවීමට නොලැබුණහොත් ඉල්ලා අස්වීම කල්යයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට රටින් පිටවීමට ආරක්ෂිත මාර්ගයක් නොලැබුණහොත් ඔහුගේ ඉල්ලා අස්වීම කල් යනු ඇති බවට වාර්තා පල වනවා.

මේ වන විට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂා සහිතව දිවයිනෙන් බැහැර වීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ සවස් කාලයේ දිවයිනෙන් බැහැර වීම සඳහා අවස්ථා ගණනාවකදී උත්සාහ දරා තිබෙනවා.

කෙසේ වෙතත් අද දහවල් AFP ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පිරිවර නාවික හමුදා යාත්‍රා මගින් දිවයිනෙන් බැහැර වීමට උත්සාහ දරන බවයි.

COMMENTS