ලංකාව අඩියටම ඇද දමා ගෝඨාභය මාලදිවයිනට (වීඩියෝ)

ලංකාව අඩියටම ඇද දමා ගෝඨාභය මාලදිවයිනට (වීඩියෝ)

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවර වෙත පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ජනපතිට ගුවන් යානයක් ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

73 හැවැරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ වේලාවෙන් අද පෙරවරු 3.00ට පමණ එරට මාලේ අගනුවර වෙත ළඟා වූ බව මාලදිවයින ආරංචි මාර්ග පවසනවා.

ජනපතිගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත අතර ඊට පෙර ඔහු මෙසේ මාලදිවයිනට ගොස් තිබේ.

ජනපතිවරයා සිය ඉල්ලා අස්විමේ ලිපියට අත්සත් තබා තිබේ. ඉන් අනතුරුව ඔහු රටින් පිටත්වීමට සැලසුම් කර තිබුණ බව මිට පෙර තොරතුරු වාර්තා විය.

ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට ලඟා වූ බව තහවුරු කරන දර්ශන පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

එම දර්ශන පෙළ පහතින් නරඹන්න,