ව්‍යවස්ථාවේ පවතින රෙගුලාසිවලට අනුවයි ජනපතිට යානය ලබා දුන්නේ

ව්‍යවස්ථාවේ පවතින රෙගුලාසිවලට අනුවයි ජනපතිට යානය ලබා දුන්නේ

ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට රටින් පිට වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ යානාවක් ලබා දුන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින රෙගුලාසිවලට අනුව බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අදාළ ගුවන් යානය ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ආගමන විගමන රේගු සහ අනෙක් සියලු ම නීතිවලට ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගිය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම එම යානාව තුළ ජනාධිපතිවරයා ඔහුගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ සහ තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු පමණක් ගමන් ගත් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටත් ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කර තිබෙනවා.

ගුවන් හමුදාව නිකුත් කළ නිල ලිපිය පහතින්