කිව්ව විදිහට අද යනවා – ජනාධිපති

පෙර දැනුම් දුන් පරිදි තමා අද (13) දිනය ඇතුළත සිය ධුරයෙන් ඉවත් වන ජනාධිපතිවරයා තමාට පැවසූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මීට සුළු මොහොතකට පෙර අවධාරණය කළා.
ඒ ජනාධිපතිවරයා කතානායකවරයාට දුරකථන ඇමතුමක් ලබාදී මේ බව දැනුම් දී තිබෙනවා.
කතානායකවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

