සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවට සහය දෙන්න – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

රටේ සාමය පවත්වා ගෙන යාම සඳහා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ, රජයේ සහ පෞද්ගලික දේපළ විනාශ නොකරන ලෙස ය.
පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවා දේශපාලන වශයෙන් ගනු ලබන තීරණ පිළිබඳ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට දැනුම් දෙන ලෙස කතානායකවරායාගෙන් ඉල්ලීමක් කළ බව ද ඔහු මෙහිදී වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.
“ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය මේ දක්වා පවතින ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන් ම අද දිනයේදී කථානායකවරයා අප වෙත පවසා සිටිනු ලැබුවා. අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීම අද දිනයේදී සිදු වන බවට එතුමා විසින් අපට තහවුරු කරනු ලැබුවා. එහිදී විශේෂයෙන් ම අතිගරු ජනාධිපතිතුමාගේ අස්වීම ත් සමඟ ඉදිරියේදී පත්වීමට නියමිත ජනාධිපතිවරයා පත්වනතුරු කාලසීමාව තුළ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් අපි එතුමත් එක්ක සාකච්ඡා කරනු ලැබුවා.”

