ජනපති තවමත් ඉන්නේ මාලදිවයිනේ – NDTV

ජනපති තවමත් ඉන්නේ මාලදිවයිනේ – NDTV

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යමට නොහැකි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පෙර සැලසුම් කර තිබූ ගුවන් යානයෙ න් ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් නොමැති බවයි ඉන්දියාවේ NDTV පුවත් සේවය අද අලුයම වාර්තා කර තිබුණේ.

SQ437 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රියේ මාලේ නුවර සිට සිංගප්පූරුව බලා යාමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ බව ද එම පුවත් සේවය වාර්තා කළා.

සිංගප්පූරු ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එය මගහැරි ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට පෞද්ගලික ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

https://bit.ly/3AKvrr1