විරෝධතාකරුවන් සෙබළකුගේ ගිනි අවියක් පැහැරගෙන

විරෝධතාකරුවන් සෙබළකුගේ ගිනි අවියක් පැහැරගෙන

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී විරෝධතාවයක නිරත වෙමින් සිටී පිරිස ඊයේ (13) රාත්‍රියේ එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළකු සතුව තිබූ ටී 56 ගිනි අවියක් පැහැර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පවසයි.

මෙහිදී හමුදා සෙබළකු සහ පොලිස් කොස්තාපල්වරයකු විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර හමුදා සෙබලා බාරයේ තිබූ ටී 56 ගිනි අවිය , ජීව උණ්ඩ 60 මැගසින් දෙකක්, මේ ආකාරයෙන් පැහැරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පිරිසගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සහ යුධ හමුදා සාමාජිකයා රෝහල්ගත වී ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එම අවස්ථාවේදී තුවාල ලැබූ 42 දෙදෙනකු ද මේ වන විට රෝගල්ගත කිරීමට ද කටයුතු කර තිබේ.