ලංකාවේ අර්බුදයට රුසියාව වගකිවයුතු බව සෙලෙන්ස්කි කියයි

ලංකාවේ අර්බුදයට රුසියාව වගකිවයුතු බව සෙලෙන්ස්කි කියයි

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසයි.

දකුණු කොරියානු අගනුවර වන සෝල්හි පැවති ආසියානු නායකත්ව සමුළුවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගෝලීය ආහාර අර්බුදය උග්‍ර කිරීම සහ උද්ධමනය ඉහළ දැමීමට රුසියාවේ “විශේෂ යුද්ධ මෙහෙයුම” හේතුවක් වූ බවට ඔහු එහිදී රුසියාවට චෝදනා කළ බව ය.

“රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී භාවිත කර ඇති ප්‍රධාන උපක්‍රමවලින් එකක් වන්නේ ආර්ථික කම්පනයක් ඇති කිරීම,” යැයි ඔහු ප්‍රකාශ කර තිබේ.

“කම්පනසහගත ආහාර සහ ඉන්ධන මිල ඉහළ දැමීම් සමාජ පිපිරීමකට තුඩු දුන්නේ ය. එය අවසන් වන්නේ කෙසේදැයි දැන් කිසිවෙකු දන්නේ නැත,” සෙලෙන්ස්කි වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත.

https://bit.ly/3O6IyWs