ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් ගැටුම අද ගාල්ලේදී

ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් ගැටුම අද ගාල්ලේදී

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද (16) ආරම්භ වනවා.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

දෙරට අතර ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ රැදී සිටින අතර පාකිස්තානය සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවට අදාළව තරගාවලි 4කට සහභාගි වී ඇති අතර එහිදි ඔවුන් තරග 4ක් ජය ගත්තා.

ශ්‍රී ලංකාව මේවන විට ප්‍රසාද ලකුණු 52ක් ලබා ගෙන ඇත්තේ ජයග්‍රාහී තරග ප්‍රතිශතය 54.17% රදවා ගනිමින්.

ටෙස්ට් ලෝක ශූරතාවට අදාළව සෑම කණ්ඩායමක්ම තරගාවලි 6කට සහභාගි වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය ද ඇතුළුව ඉතිරිව ඇත්තේ නවසීලන්ත ටෙස්ට් තරගාවලිය පමණයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර මෙරටදී ටෙස්ට් තරග 23ක් පවත්වා ඇති අතර ඉන් තරග 7ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනිද්දී, පාකිස්තානයට තරග 8ක ජය හිමිවුණා.

තරගය 8ක් නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරවයි.

අද පෙරවරු 10ට තරගය ආරම්භ කිරීමට නියමිතයි.