මාබර්ග් වෛරසය සෑදුණු පුද්ගලයින් දෙදෙනා මරුට

මාබර්ග් වෛරසය සෑදුණු පුද්ගලයින් දෙදෙනා මරුට

ඉබෝලා ඇති කරන වෛරසය හා සමාන බෝවන රෝගයක් වන මාබර්ග් වෛරසය සෑදුණු පුද්ගලයින් දෙදෙනෙකු බටහිර අප්‍රිකාවේ පිහිටි ඝානාවෙන් හඳුනාගෙන තිබේ.

දකුණු ශාන්ති කලාපයේ රෝහලකදී මොවුන් දෙදෙනා මිය ගොස් ඇති අතර සෙනගල් හි රසායනාගාරයක් මගින් මාබර්ග් වෛරසය වැලදීමෙන් මොවුන් මියගිය බව තහවුරු කර තිබේ.

මේ හේතුවෙන් පුද්ගලයින් 98 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව බටහිර අප්‍රිකානු රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේය.

මෙම වෛරසය සඳහා තවමත් ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෛරසය බොහෝ විට මාරාන්තික රෝගයක් වන අතර හිසරදය, උණ, මාංශ පේශි වේදනාව, වමනය සහ ලේ ගැලීම ඇතුළු රෝග ලක්ෂණ මතුවන බව විදෙස් මාධ්‍ය වාර්තාවක සඳහන් වේ.

සෞඛ්‍ය නිලධාරීන් මිනිසුන්ට අනතුරු අඟවන්නේ ආහාරයට ගැනීමට පෙර සියලුම මස් මාංශ හොඳින් පිස ගන්නා ලෙසයි.

අප්‍රිකාවේ, ඇන්ගෝලා, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කෙන්යාව, දකුණු අප්‍රිකාව සහ උගන්ඩාව යන රටවල මීට පෙර මෙම වෛරසය සෑදුණු රෝගීන් වරින් වර වාර්තා වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.

https://nbcnews.to/3obfwKP