හෙට ඡන්දය විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට සුදානම්

පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කරගනිමින්, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි කතානායකවරයා මෙරට සිටින විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරුන්ට දැනුම් දී තිබෙනවා.
මෙරට විදෙස් තානාපතිවරුන්ට හා මහකොමසාරිස්වරුන්ට කථානායකවරයා ඒ බව පැවසුවේ අද(19) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති රැස්වීමක් අතරතුර දී යි.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග්, යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහා කොමසාරිස් මිචෙල් ඇප්ලේටන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් සාරා හල්ටන්, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රෙලියානු මහා කොමසාරිස් ඩේවිඩ් හෝලි සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහා කොමසාරිස් ඩේවිඩ් මැකින්නන් යන මහකොමසාරිවරු හා තානාපතිවරු සහභාගි වී සිටියා.
අදාළ හමුවේ දී මෙරට ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීමට ගන්නා ලද පියවරයන් පිළිබඳව පැමිණ සිටි මහකොමසාරිවරු හා තානාපතිවරු කතානායකවරයා වෙත ඔවුන්ගේ ප්‍රශංසාව පුද කර සිටි බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක ද සහභාගි වී ඇති අතර, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව පිරිස දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

