රාජපක්ෂවරු ඡන්දය ප්‍රකාශ කරයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී මීට සුළු මොහොතකට පෙර සිය ඡන්දය භාවිත කළහ.
එමෙන් ම, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ද එහිදී සිය ඡන්දය භාවිත කළේ ය.
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (ජූලි 20) උදෑසන ආරම්භ විය.
ඒ අනුව, මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් මේ වන විට සිය ඡන්දය භාවිත කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වරාජා ගජේන්ද්‍රන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ ජී.ජී. පොන්නම්බලම් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
ඡන්ද විමසීමේ සජීවී දර්ශන පහතින් නරඹන්න…




