මුලතිව් කුරුන්දි විහාරයේ ඉදිකිරීම් නතර කිරීමේ තීන්දුව අවලංගු කෙරේ

මුලතිව් කුරුන්දි විහාරයේ ඉදිකිරීම් නතර කිරීමේ තීන්දුව අවලංගු කෙරේ

මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සංරක්ෂණය කරමින් තිබූ චෛත්‍ය ඉදිකිරීම් ඉවත් කරන ලෙසට ලබාදුන් මහේස්ත්‍රාත් තීන්දුව අවලංගු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා නියෝගයක් ලබා දී තිබෙනවා.

මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සර්වනරාජා මහතා ඇතුලු අධිකරණ නිලධාරීන්, කුරුන්දි විහාරයේ චෛත්‍ය , නටඹුන් සංරක්ෂණය කෙරෙන ආකාරය පිළිබඳව නිරීක්ෂණයට පැමිණීමෙන් පසුව මීට පෙර චෛත්‍ය ඉදිකිරීම් හා නටඹුන් ඉවත් කිරීමට ලබා දී තිබූ නියෝගය අවලංගු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත්වරයා පියවර ගත් බව කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සන්තබෝධි හිමියන් පවසයි

පසුගිය ජුලි 14 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේදී කුරුන්දි විහාරයේ චෛත්යය සංරක්ෂණය කිරීමට එරෙහිව ගොනුකරන ලද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහෙස්ත්රාකත් ආර්. සර්වනරාජා මහතා විසින් චෛත්‍ය ඉදිකිරීම් වහාම නවතා අදාල ඉදිකිරීම් සියල්ල ඉවත්කරන ලෙසට මුලතිව් පොලීසියට නියෝග කළේය.

එමෙන්ම මුලතිව් පොලීසිය මගින්ද මුලතිව් අධිකරණයට දැනුම් දී සිටියේ කුරුන්දි විහාරයේ චෛත්‍ය නටඹුන් ඉවත් කිරීමට අපහසු බවටත් එවැන්නක් තුළින් දැඩි විරෝධයක් මෙන්ම ජනතාව අතර දැඩි නොසන්සුන්තාවක් ඇතිවීමේ අවධානමක්ද පවතින බැවින් අදාල නියෝගය පිළිබඳව සලකා බලන ලෙසටය.

කෙසේ වෙතත් මුලතිව් මහේස්ත්‍රාත්වරයා කුරුන්දි විහාරයේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින්ම ලබාදුන් නියෝගය අවලංගු කොට නැවත සංරක්ෂණ කටයුතු සිදුකරගෙන යාමට අවසරය ලබා දුන් බවටද කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සන්තබෝධි හිමියෝ වැඩිදුරටත් පවසා ඇත.

උපුටා ගැනීම :- ලංකාදීප

COMMENTS