ආර්ථික වර්ධන වේගය 1.6% කින් පහළට

ආර්ථික වර්ධන වේගය 1.6% කින් පහළට

මෙරට ආර්ථික වර්ධන වේගය මෙම වසරේ පළමු කාර්තුවේදී 1.6% කින් පසුබෑමට ලක්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ උද්ධමනය, රුපියල අවප්‍රමාණය වීම, ඩොලර් හිඟය, විදෙස් ප්‍රේෂණ හා සංචාරක අදායම් අවම වීම වැනි සාධකවල ප්‍රබල බලපෑම හේතුවෙන් මෙම කාර්තුවේදී අපේක්ෂිත ආර්ථික වර්ධනය ලඟා කරගත නොහැකි වූ බවයි.

එසේම රසායනික පොහොර හිඟය සෘජුවම කෘෂිකර්මාන්තයට බලපෑමක් ඇති කළ බවත් එය ප්‍රධාන වශයෙන් මෙරට ප්‍රධාන භෝග වගාව වන වී වගාවට සැළකිය යුතු බලපෑමක් එල්ල කළ බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

COMMENTS