ජනාධිපති රනිල්ගෙන් මහජන ආරක්ෂාව ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල්ගෙන් මහජන ආරක්ෂාව ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ 40 වන අධිකාරය වූ මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරවයි.

ඊට අදාළව 12 වැනි වගන්තියෙන් ජනාධිපති බලතල අනුව පළමු වැනි උපලේඛනය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හා ගුවන් හමුදාවට බලය පවරා තිබෙනවා.

දෙවැනි උප ලේඛනයට අනුව කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, ගම්පහ පරිපාලන දිස්ක්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය ඇතුළු තවත් පරිපාලන දිස්ත්‍රික්ක කිහිපයකට අදාළවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව මහජන සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහායි මෙලෙස ආරක්ෂක අංශ වෙත බලය පැවරීම සිදුකර ඇත්තේ.