උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත ජුනි මාසයේ මතුපිට උද්ධමනය සියයට 58යි දශම 9ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.

එය මැයි මාසයේ සටහන් වූයේ සියයට 45යි දශම 3ක් ලෙසයි.

මෙලෙස උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩ මිල ගණන්වල සිදු වූ මාසික මිල වැඩි වීම් හේතු වී තිබෙනවා.

ඒ අනුව, ආහාර කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේ පැවති සියයට 58 සිට ජුනි මාසයේදී සියයට 75යි දශම 8 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

එසේම, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී සියයට 43යි දශම 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය මැයි මාසයේ දී සටහන්ව තිබුණේ සියයට 34යි දශම 2ක් ලෙසයි.

ආහාර කාණ්ඩය තුළ සහල්, එළවළු, නැවුම් මත්ස්‍යයින්, සීනි, කිරිපිටි සහ කරවල මිල ගණන් ඉහළ යාම සටහන්ව ඇති අතර, ආහාර නොවන කාණ්ඩය තුළ ජුනි මාසයේදී පෙට්රල්, ඩීසල් සහ බස් ගාස් මෙන්ම, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව හා ආපණ ශාලා සහ හෝටල් යන උපකාණ්ඩවල අයිතමවල මිල ගණන් ඉහළ යාමයි.