අරගලයයට එල්ල වූ ප්‍රහාරය විපක්ෂ නායකවරයා හෙළා දකියි

ඊයේ රාත්‍රීයේ ගාලුමුවදොර විරෝධතාකරුවාන් විසිරුවා හැරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ඒකාබද්ධ හමුදා මෙහෙයුම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් හෙළා දකිනවා.
ඔහු ඒ සම්බන්ධයෙන් තම කණගාටුව හා විරෝධය ට්විටර් පණිවිඩයක් හරහා ප්‍රකාශ කරනවා.
අදාළ ට්විටර් පණිවිඩය ඔස්සේ විපක්ෂ නායකවරයා කියා සිටින්නේ, අද(22) සාමකාමී විරෝධතාකරුවන් විරෝධතා දක්වමින් සිටි ස්ථානවලින් ඉවත් වීමට තීරණය කර තිබුණු පසුබිමක ඔවුන්ට එල්ල වූ ප්‍රහාරය තමා දකින්නේ බියගුලු ප්‍රහාරයක් ලෙස බවත්, ශ්‍රී ලංකාව තීරණාත්මක සංධිස්ථානයක සිටින මෙම අවස්ථාවේ දී, සිදු වූ මෙම හර දීම ජාත්‍යන්තරය හමුවේ මෙරට ප්‍රතිරූපය අනතුරේ හෙලන්නක් බවත් එය තිරශ්චීන ආකාරයට බලය ප්‍රදර්ශනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා කියා සිටිනවා.


